පාසල් 626 ක් ජාතික පාසල් ලෙස නම් කිරීමට තීරණය කෙරේ
පාසල් 626 ක් ජාතික පාසල් ලෙස නම් කිරීමට තීරණය කර තිබේ.
ලබන මාසය තුළ එම කටයුතු අවසන් කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ.
ජාතික පාසල් 1000 ක් පිහිටුවීමේ රජයේ ජාතික වැඩපිළිවෙළ යටතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති අතර මේ වනවිට මෙරට ඇති ජාතික පාසල් සංඛ්‍යාව 374කි.
අධ්‍යාපන අමාත්‍යාංශය ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කළේ අලුතින් නම් කරන පාසල්වලට අවශ්‍ය ගොඩනැගිලි, උපකරණ ආදිය සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කර ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
