කොදෙව් ලෙජන්ඩ්ස් පරදවා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට විශිෂ්ට ජයක්
Road Safety T20 තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට කඩුලු 5 ක විශිෂ්ට ජයක් හිමි විය.
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම තිලකරත්න දිල්ෂාන් විසින් මෙහෙයවන අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම බ්‍රයන් ලාරා විසින් මෙහෙයවනු ලැබිණි.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 4ක් දැවී ලකුණු 157ක් රැස් කළේය.
බ්‍රයන් ලාරා ලකුණු 53ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 19 ක් අවසානයේ කඩුලු 5 ක් පමණක් දැවී තිබියදී තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය.
එහිදී උපුල් තරංග නොදැවී ලකුණු 53 ක් සහ නායක තිලකරත්න ඩිල්ශාන් ලකුණු 47ක් ලබාගැනීමට සමත් විය.
සනත් ජයසූරිය පන්දු 14කදී ලකුණු 12ක් ලබා ගත්තේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
