දේශීය

යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු මරුට

වැල්ලවාය උල්කන්ද මාර්ගයේ හඳපානාගල ප්‍රදේශයේදී ඊයේ (06) සිදු වූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා හඳපානාගල ග්‍රාමීය රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව සඳහන් වේ.

මෙලෙස මියගොස් ඇත්තේ හඳපානාගල වෙහෙරයාය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි දෙදරු පියෙකි.

මළ සිරුර හඳපානාගල රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *