දේශීය

ව්‍යාජ ලේඛන සකස් කළ ස්ථානයක් වටලයි

හබරණ නවාතැන් පොළක පවත්වාගෙන ගිය ව්‍යාජ ලේඛන පිළියෙල කිරීමේ ස්ථානයක් වැටලීමට හබරණ පොලීසිය විසින් ඊයේ (06) අලුයම පිවරයගෙන තිබුණි.

එහි තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද ජාතික හැඳුනුම්පත්, වාහන අංක තහඩු, ආදායම් බලපත්‍ර, රක්ෂණ සහතික, වාහනවල එංජින් අංක සහ චැසි අංක නිර්මාණය කළහැකි උපකරණ, රජයේ ආයතනවල මුද්‍රා ඇතුළු තවත් විවිධ උපකරණ තොගයක් සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කුරුණෑගල, දිවුලපිටිය සහ කහටගස්දිගිලිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

ඔවුන් සතුව තිබූ අංක තහඩු රහිත මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *