වැල්ලවත්ත මාරක අනතුරෙන් තුවාල ලැබූ තවත් අයෙකු ජීවිතක්ෂයට
වැල්ලවත්ත මුහුදු මාර්ගයේදී බීමත් රියදුරෙකු විසින් සිදුකළ රිය අනතුරකින් තුවාල ලබා රෝහල්ගත කර සිටි තවත් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 78 හැවිරිදි අයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය සඳහන් කළේ.
පෙරේදා (05) රාත්‍රියේ සිදු වූ අනතුරෙන් යතුරුපැදි දෙකක ගමන් කරමින් සිටි 04 දෙනෙකු තුවාල ලැබූ අතර එහිදී එක් අයෙකු ජීවිතක්ෂයට පත් විය.
බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් මෝටර් රථය පැදවූ 49 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වැල්ලවත්තේ ප්‍රසිද්ධ හෝටලයක කළමණාකරුවෙකු බව සඳහන් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
