සා.පෙළ සිසුන් විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව කළහකාරී ලෙස හැසිරුණහොත් විභාග පනත යටතේ දැඩි දඬුවම්
2020 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන 10 වන දින අවසන්වීමට නියමිත බැවින් ඉන් පසුව සිසුන්ට සාමකාමීව විසිර යන ලෙස විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.
විභාග මධ්‍යස්ථානවලදී හෝ එම පරිශ්‍ර ආශ්‍රිතව කළහකාරී ලෙස හැසිරුණහොත් හෝ අනෙක් සිසුන්ට බාධාකාරී ලෙස හැසිරුණහොත් හෝ පොදු දේපළවලට අලාභහානි සිදු කළහොත් විභාග පනත යටතේ දැඩි දඬුවම් පමුණුවන බව විභාග දෙපාර්තමේන්තුව දන්වා ඇත.
ඒ අනුව විනය කඩ කරන ක්‍රියා සුදු කරන සිසුන්ගේ විභාග ප්‍රතිඵල අවලංගු කිරීමට ද කටයුතු කළ හැකි බව එම ලිපියේ සඳහන් කර තිබේ.
විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක් පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
