විමලා අමරදේව අභාවප්‍රාප්ත වෙයි
අභාවප්‍රාප්ත පණ්ඩිත් අමරදේවයන්ගේ බිරිඳ විමලා අමරදේව මහත්මිය ඊයේ (08) අභාවප්‍රාප්ත වී ඇත.
ඇය හෘදයාබාධයක් හේතුවෙන් මිය ගොස් ඇති අතර මිය යනවිට 86 වැනි වියේ පසුවිය .
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙලෙස අභාවප්‍රාප්ත වු බව ඥාතීන් සඳහන් කළේය.
දේහය අද (09) පෙරවරු 8.30 සිට පස්වරුව දක්වා බොරැල්ල, ජයරත්න මල්ශාලාවේ ප්‍රභූ අංශයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
