ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ දී වැසි
අද (09) සවස 1න් පමණ පසු මධ්‍යම, සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
එහිදි ඇතැම් ස්ථානවලට මි.මී 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකි අතර උදෑසන කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැක.
උදෑසන කාලයේ දී මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල මීදුම් සහිත තත්ත්වයක් ඇති වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු පිළිබඳ අවදානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාව දැනුවත් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
