සා.පෙළ විභාගයේ ප්‍රතිඵල ජුනි මාසයේ නිකුත් කිරීමේ සූදානමක් – අමාත්‍ය ජී. එල්. පීරිස්
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම ලබන 27 වැනි දා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
ලබන මැයි මාසයේ දී සෞන්දර්ය විෂයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ කිරීමට අපේක්ෂා කරන අතර ජුනි මාසයේදී පමණ විභාග ප්‍රතිඵල නිකුත් කර ජූලි මාසයේදී උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට හැකිවනු ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
කෝට්ටේ ආනන්ද ශ්‍රාස්තාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා මේ බව වැඩිදුරටත් සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
