සා.පෙළ විභාගය අදින් අවසන්
2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් (10) අවසන් වීමට නියමිතය.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දින 10 ක් පුරාවට මධ්‍යස්ථාන 4,513කදී පැවැත්විය.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් හය ලක්ෂ විසි දෙදහස් තුන්සිය පනස් එක් දෙනෙකු පෙනී සිටියේය.
විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ අද දිනයේ විභාගය අවසන් වූ පසු සිසුන් සාමකාමීව නිවෙස් වෙත යා යුතු බවයි.
එලෙස උපදෙස් පිළිනොපැඳ විනය විරෝධීව හැසිරෙන සිසුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
