ඇමරිකාව තුළ කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 93.7ක් ලබාදී අවසන්
මේ වන විට ඇමරිකාව තුළ කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 93.7ක් දැනට ලබාදී ඇති බව එරට සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
එහිදී ඇමරිකානුවන් මිලියන 61ක් සඳහා කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති අතර එම පිරිස එරට ජනගහණයෙන් සියයට 18 ක් බව වාර්තා වේ.
එසේම එන්නතේ මාත්‍රා දෙකම මිලියන 32ක පිරිසකට ලබාදී අවසන් බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
සමස්ත ඇමරිකානුවන්ගෙන් සෑම දහ දෙනෙකුගෙන්ම එක් අයෙක් කොවිඩ් එන්නත ලබාගෙන ඇති බවත් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිස්හට කුඩා කණ්ඩායම් වශයෙන් හමුවිමේ අවසර ලබාදීමට ඇමරිකාව තීරණය කර ඇති බවත් වාර්තා වේ.
කෙසේවෙතත් තවදුරටත් කොවිඩ් වෛරස ආසාදිතයින් වැඩි පිරිසක් වාර්තා වන රට ලෙස ඇමරිකාව පෙරමුණේ සිටින අතර මේ වන විට වාර්තා වි ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 29,801,506 ක් වේ.
මේ නව විට වාර්තා වී ඇති ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 20,549,678 දෙනෙක් සුවය ලබා ඇති අතර තවදුරටත් වෛරස ආසාදිතයින් 8,711,254 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටින බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.
සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 540,574ක් මරණයට පත්ව ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
