හෙරොයින් සමග දෙදෙනෙක් පොලිස් භාරයට
හෙරොයින් කිලෝ ග්‍රෑම් 68 ක් සමග යුවළක් මාතර, දෙයියන්දර, දෙනගම ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමකින් පොලිස් භාරයට ගෙන ඇත.
මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
සැකකරුවන් සමග හෙරොයින් තොගය ප්‍රවාහනය කරමින් තිබූ මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි සැකකාරියක හා මීගමුව කටාන ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙක් බවට අනාවරණය වී තිබේ.
සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
