පාස්කු කොමිෂන් වාර්තාව අද පාර්ලිමේන්තු විවාදයට
අද (10) පාස්කු කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිතවේ.
ඒ අනුව අද පෙරවරු 11.00 සිට පස්වරු 05.30 දක්වා පාස්කු කොමිෂන් සභා වාර්තාව විවාදයට ගැනීමට නියමිතය.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ, මෙම විවාදය සඳහා තවත් දිනයක් ලබාදීමට ද සැලසුම් කර ඇති බවයි.
ජනාධිපතිවරයා, තෛනිකායික මහනායක හිමිවරුන්, කාදිනල් හිමිපාණන් ඇතුළු පාර්ශව කිහිපයක් වෙත පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ජනාධිපති කොමිසම එහි වාර්තාව භාර දීම පසුගියදා සිදු විය.
ඉන් අනතුරුව එම වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ද ඉදිරිපත් කළ අතර එහිදී මීට අදාළව විවාදයක් ලබා දීමට තීරණය කෙරුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
