දේශීය

පුත්තලමේ ගැටුමකින් අයෙක් මරුට

පුත්තලම කඩයාකුලම් ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකින් එක් අයෙකු මරණයට පත්ව තිදෙනෙකු තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලීසිය පවසයි.

එලෙස මරණයට පත්ව ඇත්තේ මොහොමඩ් අස්වාන් නැමති පුත්තලම මුල්ලිපුරම් ප්‍රදේශයේ පදිංචි සිටි 35 හැවිරිදි තිදරු පියෙකි.

පරෙවියන් සම්බන්ධයෙන් මාස ගණනක් පැවති ආරවුලක් හේතුවෙන් එක් පාර්ශවයක් විසින් අනෙක් පාර්ශවයේ නිවසට ගොස් ඇතිවු ගැටුමකින් පසුව මෙම මරණය සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මියගොස් ඇති තැනැත්තා මෙම ගැටුමට කිසිදු ලෙසකින් සම්බන්ධයක් නොමැති අයෙකු බවත් අදාළ ගැටුම සිදුවන අවස්ථාවේදි ඔහු සිය සොහොයුරියගේ නිවසට පැමිණ සිටියදි තියුණු ආයුධයකින් එල්ල කළ පහරකින් මරණයට පත්ව ඇති බව පොලීසිය වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *