කොහුවලදී වාහනයක් තුළ පිළිස්සුණු මළ සිරුරක් හමුවෙයි
කොහුවල ආසිරි මාවතේ මෝටර් රථයක් තුළ තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
ඊයේ (10) රාත්‍රී 11.30ට පමණ එම මළ සිරුර සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අදාළ මෝටර් රථය සම්පූර්ණයෙන් පිළිස්සී ඇති අතර මෝටර් රථය තුළ තිබූ පුද්ගලයාගේ සිරුර ද පිළිස්සී තිබු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
එලෙස මියගොස් ඇත්තේ කළුබෝවිල භාතිය මාවත ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බවට දැනට හඳුනාගෙන තිබේ.
රාත්‍රී ආහාර ගැනීමට යම් ස්ථානයකට ගොස් ඉන් අනතුරුව එම මෝටර් රථයෙන් ගමන් කර ඇති බවටත් තොරතුරු ලැබී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මේ සම්බන්ධයෙන් කොහුවල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ඇත.
අද දිනය තුළ දී රජයේ රස පරීක්ෂකවරයා ඇතුළු විශේෂඥයින් අදාළ ස්ථානයට ගෙන්වා නුගේගොඩ අධිකරණය වෙත දන්වා මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව ද අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
