විදේශීය

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ බස් රථයක් පහළට ඇදවැටී පුද්ගලයින් 27 ක් මරුට

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ දුෂ්කර මාර්ගයකින් බස් රථයක් පහළට ඇදවැටී පුද්ගලයින් 27 දෙනෙකුට ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පාසල් ළමුන් සහ මව්පියන් ඇතුළු පිරිසක් විනෝද චාරිකාවකට සහභාගී වී ආපසු පැමිණෙමින් සිටිය දී මෙම අනතුර සිදු වී තිබුණි.

බස් රථය ධාවනය කළ රියදුරාගේ පාලනයෙන් රථය ගිලිහී ගොස් මෙම අනතුර සිදු වී ඇති බව බලධාරීන් සඳහන් කර ඇත.

එරට ප්‍රවාහන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ජාවා දූපතේ සුමෙඩන්ග් නගරය අසළ ප්‍රදේශයකදී අනතුර සිදුව ඇති අතර අනතුරින් 39 දෙනෙකු දිවි ගලවා ගැනීමට හැකි වී ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *