දේශීය

මහා ශිව රාත්‍රී දිනය අදයි

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට (11) යෙදී තිබේ.

හින්දු දහමට අනුව දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියන් තමා යන්න ශිව දෙවියන් ලොවට විදහා දැක්වු අසිරිමත් දිනය ලෙස මහා ශිව රාත්‍රීය සැලකෙයි.

හින්දු බැතිමතුන් මහා ශිව රාත්‍රී දිනය ලෙස සමරනු ලබන්නේ ශිව දෙවියන් ආලෝක කදම්බය නිකුත් කළ නැකත උදාවන දිනය වන අතර හින්දු බැතිමතුන් අද රාත්‍රීයේ සිට හෙට (12) උදෑසන දක්වා ශිව දෙවියන්ට පුජෝපහාර දක්වමින් මහා ශිව රාත්‍රී දිනය සමරනු ලබයි.

ඒ අනුව ලොව බලවත්ම දෙවියන් ශිව දෙවියන් බව හින්දු බැතිමතුන් විශ්වාසය කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *