සා.පෙළ විභාගය වංචා කළ 04 ක් අත්අඩංගුවට
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයෙකු වෙනුවෙන් පෙනී සිටි තරුණයෙකු බලංගොඩ ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක දී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ සාමාන්‍ය පෙළ විභාගයේ රුසියානු භාෂා විභාගය සඳහා වෙනත් අයෙකු වෙනුවෙන් පෙනී සිටි 21 හැවිරිදි තරුණයෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.
සැකකරු අද (11) බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙවර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයින් 04 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
