දේශීය

කේරළ ගංජා කිලෝ 141 ක් සමග දෙදෙනෙක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සහ කළ රුපියල් මිලියන 42කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව යාපනය, එළුවතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ (10) දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් කේරළ ගංජා කිලෝ 141ක පමණ ප්‍රමාණයක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සැක සහිත ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාකිරීමේදී එම යාත්‍රාව තුළ මළු 04ක පාර්සල් 52 ක් වශයෙන් අසුරා තිබිය දී එම කේරළ ගංජා තොගය සොයාගෙන තිබේ.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 21 හා 31 හැවිරිදි මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය, ඩිංගි යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා කයිට්ස් පොලීසිය වෙත භාර දීමට කටයුතු කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *