ජයසුන්දරඕවිට ප්‍රදේශයේ දී දුම්රිය එන්ජිමක් පීලි පනී
නාවලපිටිය දුම්රිය ස්ථානයට ආසන්නයේ ජයසුන්දරඕවිට ප්‍රදේශයේ දී දුම්රිය එන්ජිමක් පීලි පැනීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මහනුවර සිට නාවලපිටිය දුම්රිය ස්ථානය දක්වා ධාවනය වු 142 මගී ප්‍රවාහන දුම්රියේ ඊළඟ ගමන්වාරය සඳහා සුදානම් කිරීමට දුම්රිය මැදිරිවලින් එන්ජිම ගලවා ඉදිරියට ධාවනය කළ අවස්ථාවේ දහවල් 12.30ට පමණ එම අනතුර සිදුව ඇති බවයි.
පීලි පැනීමට ලක් වු දුම්රිය එන්ජිම පීළිගත කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භකර උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු යළි යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතුකර ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරියේ නිලධාරියෙකු පැවසීය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
