දේශීය

දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි

අද (11) සබරගමුව, බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 1.00 න් පසුව ඇතැම් ස්ථානවලට මි.මී 75ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම, සබගරමුව, ඌව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකිය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *