දේශීය

රන්ජන්ට අමුත්තන් බැලීම සති දෙකකට තහනම්

මේ වන විට බන්ධනාගාර ගත කර සිටින රන්ජන් රාමනායක මහතා බැලීමට පැමිණි අමුත්තෙකු සමග සෙල්‌ෆි ඡායාරූපයක් ගැනීමේ වරදට අද (11) අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ විනය ශාලාවට ඔහුව කැඳවා තිබේ.

ඒ බන්ධනාගාර අඥා පනතේ 78 වැනි වගන්තියට අනුකූලවයි.

එහිදී රන්ජන් රාමනායක මහතා සෙල්‌ෆි ඡායාරූපයක් ගැනීම සම්බන්ධයෙන් වරද පිළිගෙන තිබේ.

ඒ අනුව බන්ධනාගාර අඥා පනතේ 78 වැනි වගන්තිය ප්‍රකාරව රන්ජන් රාමනායක මහතාට සති දෙකක කාලයක් අමුත්තන් මුණ ගැසීම තහනම් කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *