කටුනායක – පුත්තලම අතර දුම්රිය ධාවනය තාවකාලිකව නවතී
පුත්තලම දුම්රිය මාර්ගයේ කුරණ හා මීගමුව දුම්රිය ස්ථාන අතර ද්විත්ව මාර්ග සංවර්ධන කටයුත්තක් හේතුවෙන් කටුනායක – පුත්තලම දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය තාවකාලිකව නතර කර ඇත.
දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ඒ.ඩී.ජී සෙනෙවිරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් ඒ බව දැනුම් දී තිබේ.
ඒ අනුව ඊයේ (11) පෙ.ව 8 සිට මාර්තු 14 වන දා ප.ව 8.30 දක්වා මෙම දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය වසා තැබීමට තීරණය කර ඇත.
එම කාලසීමාව තුළ කටුනායක සහ පුත්තලම දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය සිදුනොකරන අතර දුම්රිය ධාවනය සිදුරනු ලබන්නේ පුත්තලම මාර්ගයේ කොළඹ කොටුව සහ කටුනායක අතර පමණී.
කෙසේවෙතත් මාර්තු 14 වන දා ප.ව 8.30 න් පසුව සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කිරීමට සැළසුම් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
