දේශීය

ජනපති කොමිසමේ ඉතිරි වෙළුම් 22 ක් නීතිපතිට

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාවේ තවත් වෙළුම් 22 ක් ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයා නීතිපති දප්පුල ද ලිවේරා මහතාට අද (12) භාර දී තිබේ.

අවසන් වාර්තාවේ වෙළුම් 65 පසුගිය මාර්තු 02 වැනිදා නීතිපතිවරයාට භාර දී තිබුණු අතර අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාව වෙළුම් 87 කින් සමන්විතය.

ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ අද භාර දුන් වෙළුම් 22 හි කොමිසම හමුවේ සාක්ෂිකරුවන් ලබාදුන් සාක්ෂි සහ අධිසංවේදී කරුණු ඇතුළත් බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *