සුදු ගඟේ දිය නෑමට ගිය දෙදෙනෙක් අතුරුදන්
මහවෙල පොලිස් වසමේ අන්කන්ද විදුලිබලාගාරය ආසන්නයේ ඇති සුදු ගඟේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ (11) උදෑසන 11ට පමණ දියේ ගිලී අතුරුදන්ව ඇත.
දළුපොතගම පදිංචි වයස අවුරුදු 16 ක් වු පාසල් සිසුවෙක් හා අවුරුදු 26 ක පුද්ගලයෙක් මෙලෙස අතුරුදන්ව ඇති බව වාර්තා වේ.
මහවෙල පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්, නාවික හමුදාව හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වු පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
