කොදෙව් ටෙස්ට් තරගාවලියේ කොදෙව් කණ්ඩායම සඳහා නව නායකයෙක්
එළඹෙන මාර්තු 21 වනදා ඇරඹීමට නියමිත ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරඟාවලියේ කොදෙව් කණ්ඩායම සඳහා නව නායකයෙක් නම් කර ඇත.
ඒ අනුව කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වන ක්‍රෙග් බ්‍රෙත්වයිට් එම තරඟාවලියේ නායකයා ලෙස පත්කර තිබේ.
ජේසන් හෝල්ඩර් මීට පෙර කොදෙව් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අතර ඔහු එම තනතුරෙන් ඉවත් කිරීමට කොදෙව් ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත.
2015 වසරේදී කොදෙව් කණ්ඩායමේ නායකයා ලෙස පත්වූ හෝල්ඩර් තරග 37ක නායකත්වය දරා ඇති අතර ඉන් තරග 11ක් ජය ගෙන තරග 21ක් පරාජයට පත් විය. තරග 5ක් ජයපරාජයෙන් තොරව නිමවී ඇති බව ක්‍රිකට් ආරන්චි මාර්ග සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
