කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සෝදිසි මෙහෙයුමක්
විශේෂ කාර්ය බලකාය සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ කරන ලද සෝදිසි මෙහෙයුමකදී ජංගම දුරකතන, සිම්පත් ඇතුළු තවත් උපකරණ කිහිපයක් සොයා ගෙන තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඊයේ (11) සිදු කළ මෙම සෝදිසි මෙහෙයුමේදී ජංගම දුරකතන 5ක්, සිම් කාඩ් පත් 11 ක් සහ ජංගම දුරකතන බැටරි ඇතුළු තවත් උපකරණ කිහිපයක් සොයා ගෙන ඇති බවයි.
ඊට අමතරව කතුරු, දුම්කොල කැබලි, කුඩා පන්දම්, යකඩ පතුරු, විවධ ප්රමාණවල කුඩු පැකට් 28 ක් සහ හෙරොයින් යැයි සැක සහිත කුඩු වැනි යමක් ද සොයා ගෙන තිබේ.
බන්ධනාගාර අධිකාරිවරයාගේ ඉල්ලීමකට අනුව කළ මෙම මෙහෙයුම සඳහා විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට අමතරව රිමාන්ඩ්, වැලිකඩ බන්ධනාගාරවල නිලධාරීන් සහ බුද්ධි ඒකකයේ නිලධාරීන් ද එක්ව සිට ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
