දේශීය

හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට

ඊයේ (11) හෙරොයින් ග්‍රෑම් 20 ක් සහ යතුරුපැදියක් ද සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල රත්ගම කපුමුල්ල ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි කාන්තාවක් බවයි ගාල්ල පොලීසිය සඳහන් කළේ.

සැකකාර කාන්තාව සිය දියණිය සමග යතුරුපැදියෙන් ඊයේ සවස නිවසින් පිටත්ව ගොස් ඇති අතර පොලීසියට තොරතුරු ලැබී ඇත්තේ ඇය හෙරොයින් ගෙන ඒමට මෙලෙස නිවසින් ගොස් ඇති බවටයි.

ඒ අනුව පොලිස් නිලධාරීන් ඇයගේ නිවස අසල වටලා සිටීයදී සැකකාරිය සිය දියණිය සමග නැවත නිවසට පැමිණි අවස්ථාවේ සිදුකළ පරීක්ෂාකිරීම්වලදී මෙම හෙරොයින් සොයා ගැනීමට හැකිව තිබේ.

සැකකාරිය සිය යතුරුපැදියේ අසුන යට සඟවාගෙන මෙම හෙරොයින් රැගෙන ඇවිත් ඇති අතර අත්අඩංගුවට ගත් කාන්තාව අද (12) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *