දේශීය

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් නැගෙනහිර සහ ඌව පළාත්වලත් අද (13) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

පෙ.ව. 1.00 න් පමණ පසුව සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත්  තැනින් තැන හෝ ස්ථාන කිහිපයක මි.මී 50ට වැඩි තරමක වැසි ඇති විය හැක.

උදෑසන කාලයේ දී මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල  මීදුම් සහිත තත්ත්වයක් පවතින බව ද සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු පිළිබඳ අවදානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාව දැනුවත් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *