දේශීය

සා.පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මැයි මාසයේ

මාර්තු 10 වන දා අවසන් වූ 2020 අපොස සාමන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ එළඹෙන මැයි මාසයේ පැවැත්වීමට තීරණය කර ඇත.

මාර්තු සිට අප්‍රේල් දක්වා ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටින සිසුන්ට පුහුණු වීමට කාලය ලබා දීමේ අරමුණින් මෙම දිනය තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේය.

එසේම සා.පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු අදියර දෙකකින් සිදු කිරීමට කටයුතු සැළසුම් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එහි පළමු අදියර යටතේ මාර්තු 27 වැනි දා සිට අප්‍රේල් 05 වැනි දා දක්වා ඇගයීම් කටයුතු සිදු කිරීමට නියමිත අතර දෙවන අදියරයේ ඇගයීම කටයුතු අප්‍රේල 06 වැනි දා ආරම්භ කර මැයි 05 වැනි දා අවසන් කිරිමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *