පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන ලෙස ජනපතිගෙන් උපදෙස්
පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත හෝ එහි ඇති ව්‍යාකූලතා හෝ ඉවත් කර මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස අදාළ පාර්ශවයන් වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත්තේ කොට්ඨාස ක්‍රමය, සීමා නිර්ණය, පනහට පනහ, කාන්තා සංයුතිය ඇතුළුව පැවති ආණ්ඩුව ගෙන ආ පනත් කෙටුම්පත ඔවුන් විසින්ම පරාජය කරනු ලැබූ අතර මහජන නියෝජිතයන් නොමැතිව දැන් පළාත් සභාව ක්‍රියාත්මක වන බවයි.
ජනාධිපතිතුමා සඳහන් කර ඇත්තේ මෙම තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කර මැතිවරණ කටයුතු කඩිනමින් පැවැත්වීම අවශ්‍යබවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් සභා සංසදය සමග ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිතුමා මේ බව පවසා ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
