දේශීය

පරිගණක ආශ්‍රිත රැකියා සඳහා පුරප්පාඩු 40,000 ක්

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පරිගණක උපාධිය සඳහා සිසුන් 10,000 ක් බඳවා ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මේ මාසයේදී එම බඳවා ගැනීම් සිදු කරන බවයි එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ.

මෙරට පරිගණක ආශ්‍රිත රැකියා සඳහා ඇති පුරප්පාඩු ප්‍රමාණය 40,000 ක් පමණ වේ.

ඒ වෙනුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සමග සැලසුම් කර මෙම Online හරහා සිදු කරන උපාධි පාඨමාලාව ආරම්භ කළ බව මහාචාර්ය සම්පත් අමරතුංග මහතා වැඩි දුරටත් සඳහන් කළේ ය .


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *