දේශීය

තරුණ ව්‍යවසායකයින් 20,000 කට ඉඩම් – රජය

දිවයිනේ තරුණ ව්‍යවසායකයින් 20,000 ක් වෙනුවෙන් මෙම වසරේදී ඉඩම් ඒකක ලබා දීමට රජය තීරණය කර තිබේ.

තරුණ ව්‍යවසායකයින් වෙනුවෙන් ඉඩම් ලක්ෂයක් දීමේ වැඩසටහනේ මුල් අදියර ලෙස මෙය සිදු කරන බව ඉඩම් අමාත්‍යාංශ ලේකම් ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා පවසයි.

එම ඉඩම් ඒකක ලබා ගැනීම වෙනුවෙන් දිවයින පුරා තරුණ ව්‍යවසායකයින් හාරලක්ෂ 35,000 ක් ඉල්ලුම් කර ඇති බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.

එම පිරිස අතුරින් තෝරා ගත් ව්‍යවසායකින්ගේ සම්මුඛ පරීක්ෂණ මේ දිනවල පවත්වන අතර එම පරීක්ෂණ ලබන 31 වැනිදායින් අවසන් වීමට නියමිතය.

කෘෂිකාර්මික, සත්ත්ව පාලන, සුළු පරිමාණ ව්‍යාපාර හා දේශීය නිෂ්පාදන ඇතුළු අංශවල නියැලී සිටිනන්ට මෙම ඉඩම් ලබා දීම රජයේ අරමුණයි.

ඒ අනුව ලබන ජුනි මස සිට ඉඩම් ඒකක ලබා දීම ආරම්භ කරන බවයි ඉඩම් අමාත්‍යාංශ ලේකම් ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා වැඩි දුරටත් සඳහන් කළේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *