දේශීය

ගිනි අවි සමග දෙදෙනෙකු අත්අඩංගුවට

රත්ගම අඟුරුමලේ ප්‍රදේශයේදී විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවි 2 ක් සහ තියුණු ආයුධයක් සමගින් සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අද (15) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රත්ගම ප්‍රදේශයේ පොල්වත්තක මුරකරුවන් ලෙසට සේවයේ නියුතු බවයි.

ඔවුන් මෙම ගිනි අවි ළඟ තබාගෙන ඇත්තේ අපරාධයක් සිදුකිරීමට ද යන්න පිළිබඳව විමර්ශන ක්‍රියාත්මකයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *