ජෝර්දානයේ සෞඛ්‍ය ඇමති සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි
කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදෙන රෝහලක දී කොවිඩ් වෛරස ආසදිතයින් 6 දෙනෙකු ඔක්සිජන් හිඟ වී මියයාමේ සිද්ධියක් හේතුවෙන් ජෝර්දානයේ සෞඛ්‍ය ඇමතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
සෞඛ්‍ය ඇමතිවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය කණගාටුව පළකළ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
සිද්ධිය සම්බන්ධ වගකීම තමන් භාරගන්නා බව එරට රජය මේ පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කර ඇත.
මෙම ඔක්සිජන් හිඟය වාර්තාවී ඇත්තේ ජෝර්දානයේ අම්මාන් අගනුවර රජයේ රෝහලක හදිසි ප්‍රතිකාර, මාතෘ හා කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබන වාට්ටු කිහිපයකින්ය.
කෙසේවෙතත් මෙම රෝගීන් පිරිස මියයාම හේතුවෙන් කෝපයට පත් ඔවුන්ගේ ඥාතින්ගේ කලහකාරී තත්ත්වය පාලනය කර ගැනීම සඳහා පොලීසිය යෙදවීමටත් සිදු වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
