නෝර්වුඩ් දමිළ මහා විද්‍යාලයේ 05 වසර තාවකාලිකව වසා දැමේ
කොවිඩ් අසාදිත සිසුවෙකු හමුවීම හේතුවෙන් නෝර්වුඩ් දමිළ මහා විද්‍යාලයේ 05 වසර පන්තිවල අධ්‍යයන කටයුතු අද (15) සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් දමිළ මහා විද්‍යාලයේ 05 වසරේ සිසුවෙකුට කොවිඩ් වෛරසය අසාදනය වී ඇති බවට ඊයේ (14) දින තහවුරු වී තිබුණි.
සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව 05 වසරේ අධ්‍යාපන කටයුතු එළඹෙන 22වන දින දක්වා ආරම්භ නොකරන බවයි හැටන් කලාප අධ්‍යාපන අධ්යක්ෂ එස්. ශ්‍රීදරන් මහතා සඳහන් කළේ.
නොර්වුඩ් ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන නොර්වුඩ් පුස්තකාලයේ පුස්තකාලාදිපතිනියට සහ ඇයගේ පුතාට කොවිඩ් වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වු බවත් පුස්තකාලාධිපතිනියගේ පුතා ආසාදිත පාසල් සිසුවා බව ද මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී. චන්ද්‍රරාජන් මහතා පැවසිය.
අසාදිත මව සහ පුතා වලපනේ නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථානය කරා යොමු කර තිබේ.
නෝර්වුඩ් දමිළ මහා විද්‍යාලයේ 05 වසරේ අසාදිත සිසුවාගේ සමීප ආශ්රිත සිසු සිසුවියන් අද (15) PCR පරීක්ෂණ සඳහා යොමුකරන බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
නොර්වුඩ් පුස්තකාලය ද තාවකාලිකව වසා දමා තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
