වැලි කැණිම් සඳහා බලපත්‍ර ලබන සතියේ නිකුත් කිරීමට කටයුතු
එළඹෙන සතියේ සිට වැලි කැණිම් සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීමේ බලය දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පැවරීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර ඇත.
එසේම සමෘද්ධි ලාභීන් සහ අඩු ආදායම් ලාභීන් යොදා ගනිමින් වැලි කර්මාන්තය කරගෙන යෑමට කටයුතු කරන බවත් ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කිරීමට ද කඩිනමින් කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
මහින්ද අමරවීර අමාත්‍යවරයා අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
