ක්‍රීඩා

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට තවත් ජයක්

එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම හා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.

එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් අතර එහිදී නියමිත පන්දුවාර 20 අවසානයේ දි කඩුලු 9 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 78 කි.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක ටී.එම්.ඩිල්ෂාන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 6කට කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වූ අතර ඔහුගේ පන්දුවාර හතර තුළ එක් නිලකුණු පන්දුවාරයක් ද සටහන් විය.

ලකුණු 79 ක ජයග්‍රාහී ඉලක්කයක් සමග පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 7යි පන්දු 3ක් අවසානයේ දී කඩුලු 4ක් පමණක් දැවී තරගයේ ජයග්‍රාහී සීමාව පසු කිරීම සමස්ත විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *