දේශීය

හිටපු DIG සහ බිරිඳ නිදොස් කොට නිදහස්

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ බිරිඳ ඉඩම් නඩුවකින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (15) නියෝග කළේ ය.

ව්‍යාජ ලේඛන සකස් කර මහරගම ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම් අක්කර එක හමාරක් අත්පත් කර ගැනීම ඇතුළු අධිචෝදනා යටතේ නඩුව පවරා තිබුණි.

ගනුදෙනුව සිදුව ඇත්තේ 1996 වසරේදී වන අතර නීතිපතිවරයා ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇත්තේ නඩු පැවරිය හැකි කාලාවරෝදය ඉක්මවා යාමෙන් අනතුරුව බවත් පෙන්වා දෙමින් විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ මහතා විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍රය කියවා දීමට පෙර මූලික විරෝධතාවක් ඉදිරිපත් කළේ ය.

මූලික විරෝධතාව ඉදිරිපත් කළ අවස්ථාවේ නීතිපතිවරයා ගොනු කළ අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගෙන ඇත.

ඒ අනුව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ බිරිඳ නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරිමට විනිසුරුවරයා නියෝග කළේ ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *