ද.අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබයි
බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර ඊයේ (15) පැවති තරගයෙන් කඩුලු 10 ක ජයක් හිමි කර ගැනීමට දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.
බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දුන් අතර නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 160 ක් රැස් කරන ලදි.
ලකුණු 161 ක ජයග්‍රාහී ඉලක්කයක් සමග පිළිතුරු ඉනිම සඳහා පිටියට පැමිණි දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 02 ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී සිය ජයග්‍රහණය වාර්තා කළේය.
ඒ අනුව මේ වන විට දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩාය Road Safety World Series විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගෙන ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
