ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
අක්කරේපත්තුව ඔලුවිල් ප්‍රදේශයේදී රුපියල් 5,000 ව්‍යාජ මුදල් නෝට්ටු 124 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
යුද හමුදා බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
39 සහ 58 හැවිරිදි සැකකරුවන් ඔලුවිල් සහ අඩ්ඩාලච්චේන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
