අනවසරයෙන් පොල් ගස් කැපීම නතර කිරීමට නීති – අමාත්‍ය රමේෂ් පතිරණ
අනවසරයෙන් පොල් ගස් කැපීම නැවැත් වීම සඳහා ඉදිරියේදී නව නීති හදුන්වාදෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කර ඇත.
මෙරට පොල් සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් පවතින බැවින් රට තුළ ද පොල් මිල ඉහළ ගොස් ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙන්නේය.
වැඩිදුරටත් ඔහු සඳහන් කළේ රට තුළ විශාල නිෂ්පාදනයක් සිදු කිරීම අවශ්‍යය බවයි. ඒසේම පොල් ඉඩම් කට්ටි කිරීම ඉතාම ක්‍රමානුකූලව සීමා කරමින් ඇති බව හා අක්කර 10කට වඩා වැඩි ඉඩමක් කොටස් වශයෙන් වෙන් කිරීමේදී වර්තමානයේ අවසර ගැනීම අවශ්‍ය වේ. නමුත් මෙම අවසර ගැනීම ඉදිරියේදී හෙක්ටයාර් 1 දක්වා අඩු කරන්න බලාපොරොත්තු වන බවයි.
රමේෂ් පතිරණ අමාත්‍යවරයා ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව දන්වා සිටියේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
