ETI හිටපු අධ්යක්ෂවරු අද අධිකරණයට
මුදල් විශුද්ධීකරණ පනතට අදාළව ඊයේ (16) අත්අඩංගුවට ගනු ලැබූ ETI සහ ස්වර්ණමහල් ජුවෙලර්ස් පුද්ගලික සමාගමේ හිටපු අධ්යක්ෂවරුන් අද (17) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
නීතිපතිවරයාගේ උපදෙස් පරිදි එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ අංජලී එදිරිසිංහ යන අය වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
මේ අතර ETI තැන්පත්කරුන්ට නිසි සාධාරණයක් ඉටුකිරීමට රජය මේ වනතෙක් ක්‍රියාකර නොමැති බව ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානයේ සභාපති අනූෂා ජයන්ති මහත්මිය පැවසුවාය.
ඒ සඳහා පත්කළ කොමිසම මගින් ඉදිරිපත්කර ඇති නිර්දේශ පිළිබඳව ද ජනතාව දැනුවත්කර එහි වරදකරුවන් සියලු දෙනාට නිසි දඬුවම් ලබාදිය යුතු බවයි ඇය වැඩි දුරටත් සඳහන් කළේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
