දේශීය

අළුත්වැව ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කෙරේ – සැකකරු පලා යයි

තියුණු ආයුධයකින් පහරදී නාරම්මල, අළුත්වැව ප්‍රදේශයේදී පුද්ගලයෙකු තම බිරිඳ ඝාතනයකර ඇත.

58 හැවිරිදි කාන්තාවක් මෙලස මරණයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මෙම ඝාතනය සිදුව ඇත්තේ ඔවුන් පදිංචි නිවස තුළදී බවයි.

ඝාතනය සිදුකර සැකකරු පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට නාරම්මල පොලීසිය විමර්ශන කටයුතු ආරම්භකර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *