දේශීය

හෙරොයින් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

රාජගිරිය ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 02කට අධික ප්‍රමාණයක්  සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් කිලෝග්‍රෑම් 02යි  ග්‍රෑම් 245යි මිලිග්‍රෑම් 560ක් සැකකරු සතුව තිබී පොලිස් විශේෂ කාර්ය බළකාය බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු රාජගිරිය ප්‍රදේශයේම පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු බව සඳහන් වේ.

පොලිස් විශේෂ කාර්ය බළකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදී අදාළ මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරු අත්අඩංගුවටගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *