2-1ක් ලෙස එංගලන්තය ඉදිරියෙන්
සංචාරක එංගලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම සමග පැවති තෙවන විස්සයි 20 ක්‍රිකට් තරගය කඩුලු 08කින් ජය ගැනීමට ඊයේ (16) එංගලන්ත කණ්ඩායම සමස්ත විය.
තරගයේ කාසියේ වාසිය දිනු එංගලන්ත කණ්ඩායම පන්දු යැවීමට තීරණය කරමින් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට අවස්ථාව දෙන ලදි.
එහිදී ඉන්දීය කණ්ඩායම තමන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 156ක් රැස් කළේය.
ලකුණු 157 ක ජයග්‍රාහී ඉලක්කයක් සමග පිටියට පැමිණි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 02ක් අවසානයේ කඩුලු දෙකක් දැවී ලකුණු 158ක් ලබා ගනිමින් තරගයේ ජය තමන් සතු තර ගත්තේය.
ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 05කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස මේ වන විට එංගලන්තය ඉදිරියෙන් පසුවේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
