හදිසි දුම්රිය වර්ජනයක්
දුම්රිය එන්ජින් රියදුරන් සහ නියාමකවරුන් හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
ආසාධාරණ විනය ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කළ බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ වැඩවර්ජනය හේතුවෙන් මේ වන විට දුම්රිය ප්‍රමාදයක් පවතින බවයි.
සවස් කාලයේ ධාවන කාල සටහන් අනුව මෙතෙක් දුම්රිය ධාවනය නොවූ බවයි එහි ප්‍රකාශකයෙකු වැඩි දුරටත් සඳහන් කළේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
