දේශීය

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

අද (18) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී දකුණු, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මි.මී. 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයන් දකුණු පළාතේත් රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට ඇතිවිය හැකිය.

වැසි රහිත කාලගුණ තත්ත්වයක් දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් පවතී.

උදෑසන කාලයේදී මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල  මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු පිළිබඳව අවදානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාව දැනුවත් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *