දේශීය

ග්‍රාම නිලධාරි පුරප්පාඩු 2000 ක් – ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය

දිවයිනේ ග්‍රාම නිලධාරි පුරප්පාඩු 2000 ක් පමණ පවතින බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ සඳහා සුදුස්සන් බඳවා ගැනීමට නැවත විභාගයක් පැවැත්වෙන බවයි එහි ලේකම් එම්.එච්.එම්. චිත්‍රානන්ද මහතා සඳහන් කළේ.

පෙර පැවති ග්‍රාම නිලධාරී විභාගයේ ප්‍රතිඵල මත නැවත බඳවා ගැනීම් සිදු නොකරන ලෙසට රාජ්‍ය සේවා කොමිසම දැනුම් දී ඇත.

ඒ අනුව කඩිනමින් විභාගය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවයි ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *