ක්‍රීඩා

ඉන්දියාව සහ එංගලන්තය අතර සිව්වැනි 20/20 තරගයෙන් ඉන්දියාවට ජය

අහමදාබාද් හි ඊයේ (18) පැවති ඉන්දියාව සහ එංගලන්තය අතර සිව්වැනි 20/20 ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයෙන් ලකුණු 8 ක තියුණු ජයක් ලැබීමට ඉන්දියාව සමත් විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියානු කණ්ඩායම තම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 185ක් රැස්කළේය.

එහිදී සුපිරි පිතිහරඹයක නිරත වූ සුර්යකුමාර් යාදව් පන්දු 31කදී 4 පහර 6ක් සහ 4 පහර 3ක් සමග ලකුණු 57ක් රැස් කරන ලදි.

ජොෆ්රා ආර්චර් පන්දු යවමින් ලකුණු 33කට කඩුලු 4 ක් දවාගත්තේය.

ලකුණු 186ක ඉලක්කයක් සමග ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමටහැකිවූයේ කඩුලු 8ක් දැවී ලකුණු 177ක් රැස් කිරීමට පමණි.

ඒ අනුව තරග 5න් සමන්විත 20/20 තරගාවලියේ මේ වන විට තරග 4ක් අවසාන් වී ඇති අතර කණ්ඩායම් දෙකම තරග 2 බැගින් ජයගෙන තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *